එපා නුඹ සද වෙන්නepaa numba sadha wenna

Epa Numba Sanda Wenna

Music:
රජිකා කරුණාදාසrajikaa karunaadhaasa
Lyrics:
අරුණ ගුණවර්ධනaruna gunawardhhana

Lyrics

එපා නුබ සද වෙන්න 
බැරිය මට ළං වෙන්න 
මැටි පහන් සිල වෙන්න
හුදු එලිය මට දෙන්න
එපා තරු මල වෙන්න 
මට නොහැක අල්ලන්න 
අතු අගෙක මල  වෙන්න 
මට හැකිය සිප ගන්න 
එපා වැහි බිදු වෙන්න
ගලා යයි ඔබ යන්න
කදුලු බිදුවක් වෙන්න
නෙතට උනුසුම දෙන්න
එපා ඔබ සිදු වෙන්න 
බැරිය පවසට බොන්න 
සිහිල් පිනි බිදු වෙන්න 
විඩා ගිහි දුරලන්න
එපා දේදුන්න වී දුරින් පායන්න 
පාට කූරක් වෙන්න 
ජීවිතේ සිතුවමේ 
මුදු පාට තවරන්න...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.