එන්න යන්න අසිරි බලමුenna yanna asiri balamu

Enna Yanna Asiri Balamu

Lyrics

එන්න යන්න අසිරි බලමු සිංහල දේශේ
ශ්‍රී ලංකාවේ ධර්මද්වීපේ මුළු සිරි ලක අඳුර නිවේ 
ජාතියටම එළිය ගෙනේ ශ්‍රී දළදා සමිඳු රජුන්ගේ
දම් සිසිලෙන් ලක බැබලෙන්නේ 
සිත් තුළ මෙත් මල් පිබිදෙන්නේ
එන්න යන්න අසිරි බලමු සිංහල දේශේ
ශ්‍රී ලංකාවේ ධර්මද්වීපේ...

ශ්‍රී මහ බෝධියයි අපේ සිරිබර සිරි අනුරපුරේ
බැබලී රට එකලු කරන්නේ 
රන්මැලි සෑ මස්තකයේ සම්බුදු සිරිපාද ඉමේ
තව්තිසාව ළඟා කරන්නේ...//

එන්න යන්න අසිරි...

මිණිපුර මිණි මැණික් දිලේ කලුතර බෝ සමිඳු වගේ
ජාතියටම ඉසුරු ගෙනෙන්නේ 
ලක් බිම අප සතර කොනේ සිටියොත් අප එකා වගේ
ඉසුරු ලබා ලොවම දිනන්නේ//

එන්න යන්න අසිරි...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.