එන්න world cup එකත් අරන්enna world cup ekath aran

Enna World Cup Ekath Aran

Lyrics

ශ්‍රී ලංකා හිප් හිප් හුරේ 
96යේ අපි දුන්නා වැඩේ 
මෙදා සැරෙත් අපි දෙනවා වැඩේ... 

ක්‍රිකට් ලොවේ සුර වීරකම් 
පෙන්වන අපේ හෙළ බිමේ පුතුන් 
සැමට ගීත ලොවේ සුබ පැතුම් 
එන්න world cup එකත් අරන්...//

කැප්ටන් අපේ ටීම් එකේ ඇන්ජෙලෝ සූර 
සුද්දන් හොල්මන් වෙනවා ගැහුවම පාර 
කඩුලු රකින්නත් දක්ෂයි 
සැම ජය ටැඹ වෙත ගෙන යයි 
අංක එකේ බැට්ස්මන් අපේ සංගක්කාර 
මහේල ජයවර්ධනයන් ජය කැන්දනවා 
උඩු පන්දුත් අහස උසට පැන අල්ලනවා 
පිටිය ඕන තැනක ඉඳන් පන්දු රකින විට 
දිල්ෂාන් පවරින් මුළු ලොව හොල්ලනවා...

රංගනයන් එනකොට දෙයි සැම අත්පොළසන් 
දුෂ්රා පන්දුවට බයයි ලෝකේම ලොක්කන් 
දෙකට කැඩුණු විකට් පොලු ක්‍රිකට් ලොවම එලිය කෙරූ 
අපේ ලසිත් මාලිංගත් නියමයි දැන් නම් 
එකී නොකී ක්‍රීඩකයෝ දිරියෙන් එක්වී 
ශ්‍රී ලංකා කියන නමේ අභිමානය රකිමු දැයේ 
සුභ පතන්න එකතු වන්න ඔක්කොම එක්වී... 

අපේ පක්ෂ පාට වාද භේද අතහැර දාලා 
සිංහ කොඩිය අතට අරන් එකමුතු වීලා 
ජය අභිමානය පෙන්වා ජය ඝෝෂා නංවාලා 
පිළිගන්නට සැරසෙන්නකෝ සැවොම එක්වෙලා...///  

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.