එන්න මඳ නළේenna manda nalee

Enna Mada Nale

Lyrics

එන්න මඳනළේ ගොස් පවසන්න දුක මගේ
යන්නට හැකි ඔබට පමණි සිර ගෙයට මගේ
දිවා රැයේ වැළපිලා - දෑස මාගෙ රතු වෙලා
කියන්නකෝ මගේ දුක - ඇගෙ කනට ළං වෙලා

සෝක පණිවුඩය යවන්න ආදරිය බලා
කාළිදාස කිවිඳු මේඝ දුතයක්  කළා
මට කොයින්ද එම වළා - ආමි සුළගෙ ඔබ බලා
කියන්නකෝ මගෙ දුක - ඇගෙ කනට ළං වෙලා

සංදේශයකින් යවන්න මෙදුක උන් අතේ
හංස ගිරා ළිහිණි කොවුල් කොබයියන් නැතේ
සුළගේ මා අසරණයි - මට ඇති වස්තුව ඇයයි
කීවොත් මගෙ දුක - සදහට ඔබට මා ණයයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.