එළිය බැලුවදා සිට ඔබeliya baeluwadhaa sita oba

Eliya Baluwada Sita Oba

Lyrics

එළිය බැලුවදා සිට ඔබ මේ ලෝකයේ
ලොවෙන් ඔබට හිමි දෙයම ද හෙව්වේ
ඔබෙන් ලොවට මොනවද පිරිනැමුවේ
නැතොත් මිතුර ඔබ ණය ගැතියෙකු වේ

වියලී ගිය අතු රිකිල්ල ඔබ ලද
වෙන්න මලින් බර අත්තක් විලසින්
පාළු නිසරු මුඩු බිමක් වෙන්න යලි
නිල්ල දිලෙන සරු බිමක් පරිද්දෙන්

එළිය බැලුවදා සිට  .....

පවසට බිව් පැන් දෝතක් වෙනුවෙන් 
දෙන්න ලොවට නිල් දිය දහරාවක්
කුසගින් නිව් වත පලයක් වෙනුවෙන්
දෙන්න ලොවට පල බර තුරු යායක්

එළිය බැලුව දා .....


Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.