එක්වෙන්න බැරිනම් ලංවෙන්නෙ නෑ මංekwenna baerinam lanwenne nae man

Ekwanna Barinam Lan Wenne Na

Lyrics

එක්වෙන්න බැරිනම් ලංවෙන්නෙ නෑ මං
දුක්දෙන්න සුදු ඔබ කෙරේ
මගෙ ආදරේ ඔබටයි නගේ
මියෙන තුරා ජීවිතේ
සංසාරයේ මතු භවයෙදි 
එක්වන්නට පෙරුම් පුරන්නම් 
මගෙ ආදරේ ඔබටයි නගේ
මියෙන තුරා ජීවිතේ....

මුල්වරට ගුරු පාරේ තනි වූ එදා
පියමැන්න පෙම් ලොවක අපගේ වෙලා
මතකයි නගේ කුලුදුල් ආදරේ
ලොවටත් හොරෙන් සැගවිලා
බාදා තිබුනත් හමුවෙන්නනම් 
අපි ආදරෙන් ලංවුනා
මේ ආදරේ ඔබටයි නගේ
මියෙන තුරා ජීවිතේ....

හැරයන්න කිසිදිනක නොසිතූ නිසා
මියයන්නෙ තව දිනෙක හමුවෙයි සිතා
දෛවය අපේ ඇයි සරදම් කලේ
ලංවෙන්න බෑ මට නගේ
මේ ආදරේ ඔබටයි නගේ 
මියෙන තුරා ජීවිතේ 
මගේ ආදරේ ඔබටයි නගේ 
මියෙන තුරා ජීවිතේ.....

එක්වෙන්න.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.