Lyrics
එක්ටැම් මාලිගේ
සොඳුරු හිරකාරියේ
නේත්‍ර උන්මාද වූ
රුසිරු චිත්‍රාවියේ...//
කඳුළු උල්පත වසා
ගැලුව ඉතිහාසයේ
මලවි රණ බිම් පෙතේ
දිණුව රණ ශූරියේ
නේත්‍ර මංගල්‍යයේ
මඟුල් සක් හඬ ඔබේ
එක්ටැම් මාලිගේ
සොඳුරු හිරකාරියේ
නේත්‍ර උන්මාද වූ
රුසිරු චිත්‍රාවියේ
ඈත දුර සක්වළේ
තාරකා මණ්ඩලේ
සහස් වසරක් පුරා
දිලෙන පේ‍්‍රමය ඔබේ
තියුණු අසිපත නොවේ
තියුණු පේ‍්‍රමය නුඹේ
එක්ටැම් මාලිගේ
සොඳුරු හිරකාරියේ
නේත්‍ර උන්මාද වූ
රුසිරු චිත්‍රාවියේ...//