Lyrics
එකට ඉඳිමුයි කියා ඔබ දුරක ගියා
ආදරෙන් දුන්න වේදනා තාම විඳිනවා
ඔබ සනසලා මාව මේ තරම්
කඳුළු දීලා ගියත් ආදරෙයි තව මං......
(පෙනෙන ලස්සන හදවතේ තිබුණා නම් ඔබේ මේ වගේ...//)
දුකක් දෙන්නෑ කවමදාවත් අහිංසක නෙතු මගේ
දිහා බලලා අනේ.....
එකට ඉඳිමුයි කියා.....
(සිතේ අහිතක් නෑ මගේ රැවටුවත් ඔබ මේ වගේ...//)
සතුට ඇති නම් ඔතැන හැමදා ඉන්න යහතින් ඔයා
කොහේ හරි මේ ලොවේ.....
එකට ඉඳිමුයි කියා......