එකම මගක පියවර මැන යන්නයිekama magaka piyawara maena yannayi

Ekama Magaka Piyawara

Lyrics

එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවනැලි පැටලෙන්නයි
සෙනෙහෙ දියෙන් මීවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි

වැලේ පිපුණ මල නොවේ වැලට බර
බිගුන් සලාවී පැතුම් මවා
සිතේ රැදුනු පෙම නොවදෙන් රටකට
මගේ ලොවින් පිට නොයන්් පලා

එකම මගක පියවර මැන යන්නයි

මගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව
අගින් එබේවි කැළුම් මවා
ඔබේ පිනට මතු මගේ ගෙපැල ලඟ
කුසුම් පිපේවා පවන් සලා

එකම මගක පියවර මැන යන්නයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.