එකම එක වරක්වත් ekama eka warakwath

Ekama Eka Warakwath

Lyrics

එකම එක වරක්වත් ආදරෙයි කියන්න
රැහුණු දුම්රියෙන් අද රෑ ගම රට එන්න
කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න
හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ළඟ ඉන්න

හිතේ කාන්සිය නිවන්න පාර කියන්නේ
සුදු වැල්ලයි මෘදු වෙරළයි තනියට ඉන්නේ
වැටකෙයියා මල් සිඹගෙන පෙම් රළ ගුවනේ
පාවෙන සුළඟට දැනුනා ඔබ නැති අරුමේ

එකම එක වරක්වත් ...........

නිදිනැති රෑ යහන පුරා හීනෙන් තනිවී
ඔබ යන එන මඟ බල බල සිත තනිරකිවී
හෙට හිමිදිරියෙ ම කියන්න තුරුලෙහි නැලවී
හුරතල් පෙම්බස් බොහොමයි දෙතොලග සිරවී

එකම එක වරක්වත් ...........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.