Lyrics
(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා
කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා
ඇද්දෙ ලණුව දැම්මේ කොඩිය මොරටු පුරෙන් ඇවිල්ලා
මගේ ගීත අගේ කරපු නිසානෙ ඔහෙලා)...//
ලස්සනට පිපුන වනමල් වල පෙති තාමත් හැලුනෙ නෑ
ෂෙලී ඇන්ටිලා බේලින් අයියල මාව අහක දැම්මෙ නෑ
ලොකු හෝටල් ටීචර් මඩු මට කිසි වෙනසක් තිබුනෙ නෑ
ගුනෙ අයියගෙ පොඩි කාමරේට අගුල වැටුනෙ නෑ
මනමාලි එක්ක ඔරු පැද පැද කියපු සින්දු මැකුනෙ නෑ
මිනි ගවුම් ඇඳපු නෝනලා මා එක්ක තාම තරහ නෑ
ඉඳි බුවා වාගේ කොක්කු ජෝඩු එක්කල උඩ ගියෙත් නෑ
අපෙ වතුර පයිප්පෙ කරාමේ තාම වැහුනෙ නෑ
එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා
කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා
ඇද්දෙ ලණුව දැම්මේ කොඩිය මොරටු පුරෙන් ඇවිල්ලා
මගේ ගීත අගේ කරපු නිසානෙ ඔහෙලා
කටකතා අහල සල්ලි වලට ඩොලර් මාරු කෙරුවෙ නෑ
දරු පැටවුන් පිටරට විකුණන අයට උදව් කෙරුවෙ නෑ
මගෙ VOC බයිලා අහලා කවුරුත් කුඩු ගැහුවෙ නෑ
කිරි අම්මගෙ මස් කාලා ඒකා වාඩි නැටුවේ නෑ
ඔය කිසිම තැනක කවුරුත් මට නවක වධය දුන්නෙ නෑ
සුපර් ඩාන්සර්ලා කවදාවත් මාව දාලා ගියෙත් නෑ
මගෙ සෙන්චරියට රසිකයො දුන් සහය හිතෙන් යන්නෙ නෑ
කිසි දවසක මම රසිකයන්ට පිටු පාන්න යන්නෙ නෑ
(එකයි දෙකයි තුනයි කියල ගණන් කරලා බලාලා
කැසට් සීය හරිද කියල කියන්න ඔහෙලා
ඇද්දෙ ලණුව දැම්මේ කොඩිය මොරටු පුරෙන් ඇවිල්ලා
මගේ ගීත අගේ කරපු නිසානෙ ඔහෙලා)...//