Lyrics
(එක තරු කැටයක්වත් නැති ගනඳුරු අහසට
පෑයු පුන් සඳක් වගෙයි ඔබ මගේ දිවියට.....//)
වටකුරු අත්අකුරින් මට ලියා එවූ නුඹ
අද කොහොමද සඳ නොමැතිව ඉන්නේ අඳුරේම......
අහංකාර දෑසේ බැල්ම දරාගන්න බැරිව හිතට
තනියම හැඬුවා මැදියම් රෑ
(දිනා ගන්න නුඹේ දෑත කළ කී දේවල් අපමණ
මතකයි අදටත් අමතක නෑ.......//)
එක තරු කැටයක්වත් නැති ගනඳුරු අහසට
පෑයු පුන් සඳක් වගෙයි ඔබ මගේ දිවියට.....
හිත පිරෙන්න පෙම් කෙරුවට ලැබුණේ
ගින්දර විතරද හිතාගන්නවත් මට තව බෑ
(ගියත් දුරක මා තනිකර අදත් දුක් විඳියි පෙම් හිත
ඒත් හිතේ කිසි කිළුටක් නෑ.....//)
එක තරු කැටයක්වත්.......