එක සිත දෙතැනකeka sitha dhethaenaka

Eka Sitha Dethenaka

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
කුලරත්න අරියවංසkularathna ariyawansa

Lyrics

එක සිත දෙතැනක නතර වෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි...මගේ ළඟයි....
ඒ සිත දෙතැනක නතර වෙලා…

ලසෝ තැවුල් මැද ඔබ සැලෙනා විට
මගේ නෙත ද වැළපෙයි
සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ
මගේ සිතද සැනසෙයි…

එක සිත දෙතැනක.../

ඔබේ පැතුම මා පතනා ලොවමයි
අපේ සිතුම් සම වේ…
ඔබෙයි මගෙයි අත් වෙනසක් නොහැඟෙයි 
ඔබම යලිදු හමු වෙයි…

එක සිත දෙතැනක.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.