එක සිත දෙතනක නතරවෙලාeka sitha dhethanaka natharawelaa

Eka Sitha Dethanaka

Lyrics

එක සිත දෙතනක නතරවෙලා
ඔබේ සිතයි මගේ සිතයි
දෙසිතම එකම සිතක් වී
ඔබේ ළඟයි.....මගේ ළඟයි....
ඒ සිත දෙතනක නතරවෙලා 

ලසෝ තැවුල් මැද ඔබ සැලෙන විට
මගේ නෙතද වැළපේයි
සිනා තෙපුල් මැද ඔබ සැනසෙන සඳ
මගේ සිතද සැනසෙයි......

එක සිත දෙතනක නතරවෙලා..../

ඔබේ පැතුම මා පතනා ලොවමයි
අපේ සිතුම් සම වේ...
ඔබෙයි මගෙයි අත් වෙනසක් නොහැගෙයි
ඔබම යලිදු හමුවෙයි......


එක සිත දෙතනක නතරවෙලා..../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.