එක කුඩේ යටින්eka kudee yatin

Eka Kude Yatin

Lyrics

(එක කුඩේ යටින් සරසවි පාරේ
පියවර තැබුවා අප දෙදෙනා 
සිරිපෙදෙ රැහැනක සැඟවී මුලුවී 
උණුසුම පැතුවා අප දෙදෙනා)//

(හිස් අවකාශෙන් නිබදව හැළෙනා
වැහිබිදු පතිතව සතර අතේ)//.
අප යන දෙපසේ දියවැලි ඇඳුනා 
සෙනෙහස ගලනා පරිදි සිතේ 

එක කුඩේ යටින් සරසවි පාරේ
පියවර තැබුවා අප දෙදෙනා 
සිරිපෙදෙ රැහැනක සැඟවී මුලුවී 
උණුසුම පැතුවා අප දෙදෙනා
(ආමග ඔබ නැත මා පමණකි අද 
ඉන්නේ වැහිළිහිණියක වගේ)//
වැසි නැති කාලෙක සිහින ලොවේ දී 
ඔබ හා තනිවෙමි පුරුදු මගේ

(එක කුඩේ යටින් සරසවි පාරේ
පියවර තැබුවා අප දෙදෙනා 
සිරිපෙදෙ රැහැනක සැඟවී මුලුවී 
උණුසුම පැතුවා අප දෙදෙනා)//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.