එක කිරුළක් පළඳින්නට බෑeka kirulak palandinnata bae

සුලෝචනා - Eka Kirulak Paladinnata Sulochana

Lyrics

එක කිරුළක් පළඳින්නට බෑ
එකම සිහසුනේ ඉන්නට බෑ
සුලෝචනා අප දෙදෙනාටම
එක රජ දහනක රජ කරන්ට බෑ

මගේ කඳුළ ඔබගේ දෙතොලේ
සුවඳ සිනා රැල්ලක් වේවා
සුලෝචනා දුක නොහඳුනනා
ඔබ මේ ගැන තව ළතවිය යුතු නෑ

ආදරයක් වෙනුවෙන් දෙන්නා
තරඟයකට ඉඩ දිය යුතු නෑ
සුලෝචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්ට බෑ

කිරුළ සිහසුනයි රජ දහනයි
ඔබටම පවරා පිට වෙන්නම්
සුලෝචනා අප දෙදෙනාටම
එක හදවතකට පෙම් කරන්න බෑ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.