එක හිතක නැති ඔයාeka hithaka naethi oyaa

Eka Hithaka Nathi Oya

Lyrics

එක හිතක නැති ඔයා
හිත හීලැ නැති නිසා..
මදිද ආදරෙ කලා
බොරු කෙරුවෙ මට හිතා මතා..
දුක හදුනගෙන සමා
දුන්නෙ ආදරෙ නිසා..
හැදෙන්නේ කට කතා
හදන්නට බැරි නිසා ඔයා..

පෙනුමෙන් හැඩරුවෙන් ලස්සනෙන්
ඇදුමෙන් පැලදුමෙන් තනි සුදෙන්
බැහැ මනින්නට කෙනෙක්
කොහොමවත් ඇත්තමයි සත්තකින්..
ගතිගුණෙන් පැවතමෙන් හැසිරුමෙන්
කථනයෙන් හොද හිතක් පහසුවෙන්
හදුනගන්න පුලුවන් රත්තරන්
මා මෙතෙක් රැවටුනත්..

ඔබෙ නමත් කැතකරන් ගිය තැනින්
යලි ඇවිත් පලක් නෑ මගෙ ළගින්
බෑ ඉඩක් දෙන්න නම් ආයෙමත්
මතකයක් මට ඔයත්..
දුක දරන් හිත හදන් හිටියෙ මං
නෑ කෙනෙක් කියලවත් ඇහුවෙවත්
ඔබට මං ආදරේ කෙරු තරම්
ලෝකයක් දැනගෙනත්..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.