එක දවසකeka dhawasaka

Eka Dawasaka

Album
Eka Dawasaka

Lyrics

එක දවසක මාගේ හිතලග 
දැවටුනු හසරැල්...
අද නොකියම යන්න පාවී 
දුරකට සුලගින්..   
සටහන් ඇති ප්‍රේම දිනපොත 
පිටු විසිර ගිහින්..      
සදවත ඔබ මාගෙ අහසින්
අද මැකිලා ගිහින්..
                      
තරු දිලෙනා වරුවක මොහොතක් ඇවිදින් මට තුරුලු වෙමින්...
පෙර වාගෙ රතු කම්මුල් පෙති තෙමන්න හරි ආදරයෙන්...// 

අත් පටලන් ඇවිදපු මාවත් 
පපු තුරුලක සුව විදි යායක්
ගෙන දෙන්නට බෑ  පෙම්වන්තියෙ දැන්...    
ඔහු සමගින් ඇවිදින මාවත්        
මතකයේ නැතිවාදෝ තාමත්           
නුඹේ සුවදට මා පෙම් කරපු තරම්...

තරු දිලෙනා වරුවක මොහොතක් ඇවිදින් මට තුරුලු වෙමින්...
පෙර වාගෙ රතු කම්මුල් පෙති තෙමන්න හරි ආදරයෙන්...//


© 2025 PRAGEETH HAPUARACHCHI

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.