එක දවසක් සීයා අපේeka dhawasak siiyaa apee

Eka Dawasak Seeya Ape

Lyrics

එක දවසක් සීයා අපේ ගෙදර ඇවිල්ලා
හොඳ ලස්සන බෝනික්කෙක් තෑගි ගෙනල්ලා
ඉස්සෙල්ලම හාදුවකුයි ඉල්ලා උන්නේ
මූණ ඉඹලා බෝනික්කා අතටයි දුන්නේ
මූණ ඉඹලා බෝනික්කා අතටයි දුන්නේ...//

හඬලා හැපිලා කෑගහමින් මුලු ගේම හෙල්ලුවා
මට ගෙනාව බෝනික්කා නංගී ඉල්ලුවා//
අක්කා කිව්වා ඒක මටම දෙන්නට කියලා
ඒත් එයා ඇහුවෙම නෑ තවත් වද කළා//

එක දවසක් සීයා...

ගෙදර හැමට මේ හින්දා සිහියත් නැත්තේ
අම්මා තාත්තා අහලකවත් නෑ එහි ඇත්තේ//
සුදු නංගීයි මමයි ඉඳන් දෙන්නා දෙපැත්තේ
බෝනික්කා තුරුලු කරන් නිදියාගත්තේ//

එක දවසක් සීයා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.