එක දවසක් මට ඉස්සර වාගේeka dhawasak mata issara waagee

Eka Dawasak Mata Issara Wage

Lyrics

එක දවසක් මට ඉස්සර වාගේ 
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න
තව එක දවසක් හදවත මාගේ 
සුවඳින් ඔබගේ සරසන්න .... සරසන්න 
එක දවසක් මට ඉස්සර වාගේ 
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න

සිතුවේ හද ඔබ ගැන විතරයි
ඒ හින්දා වෙන්වන්න දුකයි
සෙනෙහස දෙන්නට ළංවී ඉන්නට
මට නම් ඉන්නේ ඔබ විතරයි //

එක දවසක් මට ඉස්සර වාගේ 
ඔබ ළඟ ඉන්නට ඉඩ දෙන්න

පැතුවේ හද ඔබවම විතරයි
ඒ හින්දා සමුගන්න දුකයි
නිදි නැති මුළු රෑ ඔබ ගැන සිහිවී
කඳුළැලි සැලුවේ මම දුකටයි

එක දවසක් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.