එහෙම දේවල් නෑ හිතේ මගේehema dheewal nae hithee magee

Ehema Dewal Na Hithe Mage

Music:
ධනිත් ශ්‍රීdhhanith shrii
Lyrics:
ධනිත් ශ්‍රීdhhanith shrii

Lyrics

එහෙම දේවල් නෑ හිතේ මගේ

එක රැයකට නුඹ මගේ කරගෙන..
කාසි වලට මං කොහොම මනින්නද..
නුඹව හඬවන නුඹව රිද්දන..
එහෙම දේවල් නෑ හිතේ මගේ..

කරකාර බැඳගෙන මගේ කරගෙන..
නුඹ සිරකරගෙන හීන මවන්නට..
මං වෙනුවෙන් තටු සිඳදාලන්නට..
එහෙම දේවල් නෑ හිතේ මගේ..

අයිතිවාසිකම් නැති නිවහල් වූ..
සෙනෙහස ගලනා මනසක් ඇති වූ..
මිනිසුන් බිහිවූ පොලොවක් නම් මෙය..
කාසි වලට නුඹ දෙන්නේ කොහොමද...
ආදරෙ කියලා හිත පිළිගන්නට..
නුඹ තනිකර මගේ වෙන්නම ඕනෙද..
තණ්හා ආශා නුඹ ගැන මොකටද..
එහෙම දේවල් නෑ හිතේ මගේ..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.