එගොඩත් මෙගොඩත් ගම් යා කරලාegodath megodath gam yaa karalaa

Egodath Megodath Gam Ya Karala

Lyrics

එගොඩත් මෙගොඩත් ගම් යා කරලා
පාළම සාදා බලා සිටින්නේ
ඔබ මා වෙත පිය නගන තුරා
ඔබ මා වෙත පිය නගන තුරා...

පෙර ලෙස අබලන් ඔරුවේ නැගලා
එගොඩට යන්නට ඇයිද සිතන්නේ
සිහිය විකල් වුනු කෙනෙකු නියා..
සිහිය විකල් වුනු කෙනෙකු නියා..

එගොඩත් මෙගොඩත් ගම් යා කරලා...

මල්බර තුරුලිය පීදෙන කෙත්වතු
අපහට ආසිරි පවසනු වැන්නේ
වඩිනු මැනවි පා සළඹ සලා
වඩිනු මැනවි පා සළඹ සලා..

එගොඩත් මෙගොඩත්..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.