එගොඩ ගොඩේ මල්egoda godee mal

Egoda Gode Mal

Lyrics

එගොඩ ගොඩේ මල් නෙළනා මල් එතනෝ
මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ
එගොඩ මෙගොඩ ඔරු පදිනා මල් එතනෝ
(උඹ කාගෙද උඹ කාටද මල් එතනෝ)..//

දෙමට කැලෙන් දර අහුලාගෙන එනවා
දෙවට ළිදෙන් කළයට දිය ගෙන එනවා
ඕළු විලෙන් දිය නාගෙන ගෙට එනවා
පාළු කුඹුර උඹ හින්දම වපුරනවා
මගෙ පාළු කුඹුර උඹ හින්දම වපුරනවා

එගොඩ ගොඩේ මල් නෙළනා ...

කදුරු වෙලෙන් පන් උදුරාගෙන එනවා
පැදුරු වියන් ලස්සන රටා මවනවා
අඳුර මකා හවසට හඳ පායනවා
සොඳුර නිසා ගමටම කිරි ඉතිරෙනවා
ප්‍රිය සොඳුර නිසා ගමටම කිරි ඉතිරෙනවා

එගොඩ ගොඩේ මල් නෙළනා ...

(උඹ කාගෙද උඹ කාටද මල් එතනෝ)..////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.