ඊයේ උදයේ ඔබiiyee udhayee oba

Eeye Udaye Oba

Lyrics

(ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා)...//

පුරුදු ලෙස මා ඔබ දකින්නට
පැමිණ මංගල සිරියකි දුටුවේ
සබේ කිසිවෙකු ඉබේ වත් නැත
ඇසක් මා දෙස යොමා බැලුවේ
කිමද මේ අරුමේ මට නොහැඟේ ප්‍රිය සොඳුරේ

ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා

සොඳුර හෙට අප අළුත් ලොවකට 
පා නගන්නට සැරසෙන අතරේ
එසේ මා දුටු එවන් සිහිනය
මෙසේ අද මා හිතට වද දේ
කිමද මේ අරුමේ මට නොහැඟේ ප්‍රිය සොඳුරේ

ඊයේ උදයේ ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ ඔය සුරත දරා සිටියා
(ඔය සුරත දරා සිටියා)...////

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.