ඊතල වැටුණු වැවේiithala waetunu waewee

Eethala Watunu Wawe

Lyrics

ඊතල වැටුණු වැවේ
බඹරු මුකුලු කලේ
මාහට ඉදුරාම ආදරෙ දෙනවාද
බයට පපුව ගැහේ 
කුබුකෙ හෙවන දිගේ
ඔබව හොයන පැයේ
ඈතක ඉදලාම මා රුව හදුනාම
උසුලු විසුලු කලේ...

නිල් අහසේ සේද වලා වගේ
ඔබෙ දෑසේ ආල කතා මැවේ
පෙම පුරාම කදුල නිවා
ඔබේ සසර වසන තුරා
පාලුව මා හිස රදවාන
කොන්ඩෙ මතම රැදේ...

සිත් අහසෙ හරා උනා ඉබේ
එතන වැඩි ඈතක නොවේ
දින ගනිමු ඉතින් පුරා
ඉකි නොගෙන සුසුම් දරා
පාලුව දැනුනාම මා හිත රදවාන
කොන්ඩෙ මතම රැදේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.