එදාටත් වඩා මං හිතින්edhaatath wadaa man hithin

Edatath Wada Man Hithin

Lyrics

එදාටත් වඩා මං හිතින් පෙම් කරන්නම්
ඔබට නෑ ඇමනාපකමක් නම්
නිකන්වත් හිතේ නම් සියුම්වත් සැකක් නම්
මහද නෑ තිබුනේ ඔබ ගැන නම්
සදාකල් ඔයාගෙන් මිදී මං හිඳින්නම්
ඔබ මට ආදරේ නැතිනම් //

ආදටත් මාගේ මේ හිත ඇතුලේ
ඔබමයි ජීවත් වන්නේ
මගෙ ඇස් දෙකට වඩා  ඔබ විශ්වාස කලා
මේ හිත විතරයි දන්නේ 
අදහාගන්න තවමත් බැහැ මට
ඇයිදෝ මා රැවැට්ටුවේ
අසරණ දෑස මගේ කඳුළින් තාම පිඓ්
නුඹ නෑ ඒ වග  දන්නේ

සදාකල් ඔයාගෙන් ..........

සුදු නෙළුමක් සේ පිවිතුරු මාගේ
මහමෙර තරමට ආලේ
සයුරත් පරදාලා කඳුළින් තෙත් වීලා
හැඩුනා ඔබ නැති යාමේ
අදහාගන්නට .........
එදාටත් වඩා .........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.