එදා වගේම හිනාවෙවීedhaa wageema hinaawewii

Eda Wagema Hinawewi

Lyrics

එදා වගේම හිනාවෙවී
එක දවසක් ආයේ එන්න
ඇවිත් නුඹේ පෙම්බර හිත
මගේ ළගින් තියලා යන්න //

අපි අපේම වෙන්න හිතන්
හීන දැකපු හැටි මතක ද //
හැම හීනෙම බොඳව ගියේ
අපිට අපිව මඟහැරුණම

මට අයිති වෙලා තිබුන
හිතත් අරන් එන්න //
මටම අයිති නැති මගේ හිත
අරන් එපා දුර යන්න

එදා වගේම ..........//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.