Lyrics
එදා ඔබ මෙහි නො ආව නම්
නෑ මෙවන් දුක් වේදනා
අළුත් පාසැල් වාරයේ
අළුත් සිසුවෙකු සේ
කෝල බැල්මෙන් සසල දෙනෙතින්
සැදී ඔබ ආ මුල්දිනේ
නුහුරු ඇසුරක මැදිව අසරණ
ලෙසින් මාදෙස බැලු වෙලේ
ඔබේ දෙස මා නොබැලුව නම්
නෑ මෙවන් දුක් වේදනා
නෑ මෙවන් දුක් වේදනා
මගේ හදවත පිදූ මුත් මම
ඔබේ ලොව තනියට එදා
මගේ තනියට නොමැත ඔබ අද
සිටින්නේ ඔබ ජය ලබා