එදා මෙදාතුරedhaa medhaathura

Eda Meda Thura

Music:
සනත් නන්දසිරිsanath nandhasiri
Lyrics:
විමල් ජයශාන්තwimal jayashaantha

Lyrics

එදා මෙදාතුර කඳුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරුණු රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳි අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

දැස් කවුළු පත් පලා කඳුළු කැට
වෑහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත් නොවේමයි ඒ සුවඳින්

එදා මෙදාතුර කඳුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
දෑත ළයේ බැඳි අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නැත
ඇයි මේ ලොව මා තනිව ගියේ
ආයේ දවසක එක හිත් ඇත්තන්
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ 

එදා මෙදාතුර කඳුලට විවරවු
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරුණු රත් දෙතොල පියා
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදුමැලි පාට පොවා
දෑත ළයේ බැඳි අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.