Lyrics
එබිකම් කරාලා ඔබ රහසින් මා දිහා
ඉගියෙන් කියූ පෙම් කතා.....
රැක ගන්නවා මා මේ දෑස මෙන් සෑමදා
මගේ ජිවිතේ ඇති තුරා........
පෙර අත් බවේ ආදරෙන් එකට අපි ඉන්නැතී
ඒ නිසා මේ බවේ අපිව හමුවෙන්නැතී
ආයෙමත් ඉපදුනා වාගෙ හිත කියනවෝ......
ඔය දෑත ලැබුවොත් මෙමා......
හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවෝ.....
වචනෙන් නොකිවත් සදා....
ආදරෙ මගෙ පැවසූ මුල් දිනේ
ඔබෙ සුදු මූන රතු පැහැ කරන් කලබලේ
හීසර ඔබේ හිත පාරනු ඔබේ
වදනෙන් පසු බහින්නෑ කිසි දිනේ
පෙර අත් බවේ ආදරෙන් එකට අපි ඉන්නැතී
ඒ නිසා මේ බවේ අපිව හමුවෙන්නැතී
ආයෙමත් ඉපදුනා වාගෙ හිත කියනවෝ......
ඔය දෑත ලැබුවොත් මෙමා......
හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවෝ.....
වචනෙන් නොකිවත් සදා....
හීනෙන් වගේ සතුටින් හිත මගේ
ගැයු ගී මිහිසියට සම වෙලා තුන් පැයේ
ජීවිතෙ ඔබේ මට හිමිවන දිනෙ
වැඩි ඈතක නොවේ කියල දැනුනේ ඉබේ
පෙර අත් බවේ ආදරෙන් එකට අපි ඉන්නැතී
ඒ නිසා මේ බවේ අපිව හමුවෙන්නැතී
ආයෙමත් ඉපදුනා වාගෙ හිත කියනවෝ......
ඔය දෑත ලැබුවොත් මෙමා......
හුස්මටත් වැඩිය මං ඔබට පෙම් කරනවෝ.....
වචනෙන් නොකිවත් සදා....
රවිඳු ලක්ෂත කුමාර