Lyrics
ඔළුව තදින් නරක් වෙච්ච
මිනිසුන් පිරිසක් රැඳිච්ච
අරුම පුදුම රටක් තියෙනවා ඕයි
මහ මුහුදින් වට කෙරිච්ච
අඹ ගෙඩියක හැඩය වෙච්ච
ඒකට මරු නමක් කියනවා ඕයි.....
ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.....
එකෙක් නඟිනකොට ඉහළට
ඇහේ කටු ඇනෙයි අනිකට
අදියි බිමට හෙළයි පහළට ඕයි
නිස්සෝ සුදුස්සෝ යට කොට
පුස්සෝ වැඩ දෙනවා යමරෙට
සෙතක් වෙයිද එහෙම රටකට ඕයි.....
බඩට නැති වුණත් ලුණු කැඳ
ඇඟට ඕනැමයි විල්ලුද
ඒකයි ඉහළම සන්තෝසේ ඕයි
නැති බැරි අඟ හිඟ කම් මැද
බිය සැක ලෙඩ දුක් විඳ විඳ
පෙන්නයි ලෝකෙට පරකාසේ ඕයි.....
ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු.....
රට වටකර සාගරයයි
එහි සම්පත් ආකරයයි
පිටින් මාලු රටට ගෙනව ඕයි
රට මැද තනි වෙල්යායයි
බැලුවම හරි සිරියාවයි
නැවෙන් ගෙනත් හාල් බානව ඕයි....
දකින දකින මිනිහ අතේ
බැඳල ඔරලෝසු ඇතේ
Time එකට කිසිම වැඩක් නෑ ඕයි
උන් හත කියන්නෙ අටට පුතේ
අට කිව්වොත් නමය වෙතේ
කැත පුරුද්ද අතාරින්නෙ නෑ ඕයි....
ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
ඒ රටේ මිනිස්සු තනිකර නටන්නෙ පිස්සු.....
ඒ රටේ මිනිස්සු තනිකර නටන්නෙ පිස්සු
ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු......