Lyrics
මගේ හිතට එය දැනුණා, මට ආදරේ හිතුණා
මගෙ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි
මගෙ නෙතට එය දැනුණා උණු කඳුලකින් තෙමා
ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළුවූ
මගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලා
මට ජීවිතේ දුන් ආදරියේ ඔබමදැයි
මම ලියූ පෙම් කතාවේ සුර කුමරියක් උන්නා
ඒ කුමාරිගේ හිනාවේ මට ආදරේ තිබුණා //
මම හීනයක් දුටුවා ඔයරුව මගෙමදැයි කියා
මගෙ හිත් කොනේ බැඳි ආදරී ඔබම දැයි
මගෙ හීනයේ ඇවිත් ඔයා, මගේ ආදරේ අලුත් කලා //
මම ආදරේ වෙලා, මටත් හොරා, ඒ ඔබටදැයි
සිහිනයෙන් දුටු කතාවේ, මගෙ තොල්පෙතිත් තෙමුණා
ඔබ ළඟින් උන් වෙලාවේ සිත ආලකම් කෙරුවා //
මම ලෝබකම් කෙරුවා ඔබ මට අහිමිවෙයි කියා
මගෙ හිත්කොණේ බැඳි ආදරී ඒ ඔබමදැයි
මගේ හිතට...
ඔබ කීව ඒ කතා මා මුව ගීතයක් වෙලා
මම මගෙ හිතින් මගෙ ජීවිතෙන් ආදරේ කලා
මා දෙස ආදරෙන් බලා මගේ හිත කොණිත්තයි ඔයා
සත්තයි ප්‍රියේ මම දන්නේ නෑ ඒ ඔබ කියා//