ඒ කාලේ වාගේee kaalee waagee

E Kaale Wage

Music:
සුරේෂ් මාලියද්දsureesh maaliyadhdha
Lyrics:
නන්දන වික්‍රමගේnandhana wikramagee

Lyrics

(ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි
සැන්දෑ වෙලාවේ
මගේ සුකුමාලී මදුමල් කුමාරී
තරහින්ද ඉන්නේ
මාගේ කුමාරී
ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි...//)

(රෝස පෙති වගේ
දෙතොල් මල් සිනාසේ
නයන නිල් මැණික සේ
දිලිසේ දවාලේ...//)

දිය ඇල්ල වාගේ
දිගු වරල ඈගේ
හමුවන්න යලි එන්න
මාගේ කුමාරී
ආයේ ඒ කාලේ වාගේ
හමුවන්න ආසයි

(සීත කදු ඉමේ
තුරුලු වෙමු එදා සේ
ඉසුරුමුණි යුවල සේ 
ලියවේ කතාවේ...//)

ලඟ ඉන්න මාගේ
පෙර දාක වාගේ
අත මෙන්න අරගන්න
මාගේ කුමාරී

ආයේ ඒ කාලේ වාගේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.