ඒ දණ්ඩෙන් පියee dhanden piya

E Danden Piya

Lyrics

ඒ දණ්ඩෙන් පිය මනිනු එපා - ගඟ අද හරිම සැරයි
තැන තැන ඇති පල බුදිනු එපා - අද මුළු ගමම විසයි

විපතක් වූවොත් කාට කියන්නද - මං තනි වෙනවාමයි
තවම බහ නොදුන් නුඹ නැති දා මං - ගම හැර යනවාමයි
අනුකම්පාවෙනි කියන්නෙ මිහිරියෙ - ඒ දන්ඩෙන් ..

දෙදෙනා ඉන්නේ දෙගම්මානයේ - ගඟ ඒ මැදින් ඇදේ
පාලම හදලා ඉවර වෙන තුරා - දෙදෙනා බැදෙනු නැතේ
ඔරුවක් මට ඇත ඔබ ගෙන යන්නට - ඒ දණ්ඩෙන්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.