Lyrics
හිතෙනවා මමත් පියෙකු වුවැයි
පෙර පෙම් කෙරු ඇය මවක් වූ දවසේ
කුළුඳුලේ ඇය වැදුවේ මගේ සිහිනේ
හිමිනැතත් මට වන්නට පිය උරුමේ
නොවුණත් ඇය මගේ දුවනි
අපි මැවු සිහිනේ සිටියේ ඇයයි.......
අපි මැවූ සිහිනයේ නිමි හිම් සොයා
අද වුණත් මා සිතින් යනෙනා නිසා
නම නොදන්න මාගේ දුවනි
මා නොදන්න මාගේ දුවනි
අපගේ හීනේ හැඩකෙරු කුමරී.......
පෙම්වතී ඇය පෙර මගේ ලෝකයේ
වෙන්ව ගියේ අපි පිනක් මදි වී නොවේ
ඇය මවක් වී අද ගොඩ නැගු ලෝකයේ
ඇයත් ඔබවත් හදවතින් මගේ වගේ
දුර ඉඳන් හිත තුටින් ඉන්නම් බලා
මා නැතත් ඔබ හොඳින් ඉන්න නිසා.......
හිතෙනවා මමත්......