දුටු මුල් දින ඔයාdhutu mul dhina oyaa

Dutu Mul Dina Oya

Lyrics:
සචිනිකා වීරසේකරාරච්චිsachinikaa wiiraseekaraarachchi

Lyrics

(දුටු මුල් දින ඔයා හැඟුනේ මගෙමයි කියා 
ඈත සංසාරයේ එකට ඉන්නැති කියා 
දිවි ඇති තෙක් මගේ රකිමි වස්තුව ඔයා 
ලං වුනත් ආදරෙයි පණට වැඩියෙන් සදා...//)

පන්තියේ දුටුව දඟකාරි නුඹමයි ලඳේ
(හුරතලේටයි ඔයාගේ මා ආලය කලේ...//)
ඔය නුවන් පැහැසරයි හදම මන්මත් කරයි 
සිහින් ලෝකේ ඔයත් එක්ක මා තනි වුනයි  
නොසිතු ලෙස ගිලිහුනත් නුඹ මගෙන් එහෙම වී       
ඇය මගේ විතරමයි සිත කියයි හැම වෙලේ 

දුටු මුල් දින ඔයා හැඟුනේ....

වරදක් සිදු වුනා කොතනකද නොවැටහේ 
(ගිලිහුනා සේ දැනේ නුඹගේ හසරැල් මුවේ...//)
සිවු වසක් ගෙවිලා යයි නුඹ නොදැක මේ ලෙසේ  
වේදනා පමණි නුඹ කොතනකද නැවතුනේ 

දුටු මුල් දින ඔයා හැඟුනේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.