දුරු කතර ගෙවාගෙනdhuru kathara gewaagena

Duru Kathara Gewagena

Lyrics

දුරු කතර ගෙවාගෙන 
මං නොකියම ආවට 
මට සමාවෙයන් බණ්ඩාර මැණිකේ
අර බලන්න අර පුරහඳ අහසේ..//
	
දුම් වළාකුලේ තරුකැට හැංගිලා
ඇස් කොනින් බලා මට ඉඟි බිඟි කළා 
මට ඉන්නට බෑ කොළොම්තොටට වෙලා 
උඹේ කතා කරන දෑස මතක් වෙලා 

දුරු කතර ....

මහ මැදුරු උඩින් පුරහඳ පායලා
උඹේ මුහුණ පෙනුනි මුළු අහසම පුරා 
ඒ සෙනෙහෙවන්ත කමට වහන් වෙලා
මට ගමන ඇවිත් ඉන්නට බැරි උනා ..

දුරු කතර ... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.