දුරස් වෙන්න දුරස් වෙන්නdhuras wenna dhuras wenna

Duras Wenna

Lyrics

දුරස් වෙන්න දුරස් වෙන්න
හදනා වාරේ
ආදරෙ මගෙ වැඩි වෙනවා
අඩුවක් නෑනෙ
ලගින් ඉන්න ලගින් ඉන්න
හිතෙනා වාරේ
ආදරෙ තව වැඩි වෙනවා
වෙනසක් නෑනේ
මනමාල කමට විහුලුකරන සුරංගනාවී
හිත ආලවඩන හිනා වලින් වශී කරාවී

සෙනෙහස ගලා ගියේ කදුළු දිය කරන්
ලඟ නැති උනාම කෝ තිබුනු හාදකම්...//
නුබ ලඟදි නැවතිලා හදිස්සියෙන් ගැස්සෙනා
හදවත කියන්නෙ ආදරෙයි රත්තරන්...//
මනමාල කමට විහුලුකරන සුරංගනාවී
හිත ආලවඩන හිනා වලින් වශී කරාවී

හිතුවක්කාර කමට අහක බැලුවනම්
දැන්වත් හිනාවෙන්න සමාකලානම්...//
නුබ ලඟදි නැවතිලා හදිස්සියෙන් ගැස්සෙනා
හදවත කියන්නෙ ආදරෙයි රත්තරන්...//

දුරස් වෙන්න දුරස් වෙන්න...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.