දුරකතනයකින් dhurakathanayakin

Durakathanayakin

Lyrics

දුරකතනයකින් මම ඔබ අමතමි
හමුවිය නොහැකි නිසා
මගෙ හිත හදුනන ඔබ පිලිගත්තද
ඇතැමුන් කියන මුසා

සයුරට රල මෙන් වෙරලට වැලි මෙන්
අප බැදිලා උන්නේ
තොටුපොල හැර යන නෞකාවක් මෙනි
ඔබ ඇදිලා යන්නේ

මට තව මතකයි මගෙ මුල් ගීතයේ
තනුව කියා දුන්නා
යන තැන නිරතුරු පහනක් අරගෙන
පසුපස පිය මැන්නා

ඔබමයි ආවේ ඔබමයි යන්නේ
මා ඒතැනම එහෙමයි
නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම්
මගේ සතුටද එයමයි…

දුරකතනයකින්…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.