දුරක සිට දුටු නුඹේ සඳවතdhuraka sita dhutu numbee sandawatha

Duraka Sita Dutu Numbe Sandawatha

Lyrics

දුරක සිට දුටු නුඹේ සඳවත
මනරම්ද කොතරම්
කලා සොළසක් පිරුණු සඳ මෙන්
දුටුවෙ හරි මනරම්
දැණුනේ සිත් ලොබකම්

නීල නෙතු මත දුටුව පෙම් මල
සුපිපිදා රහසින්
දහක් කවි පද ලියැවුනා මගෙ
හදවතේ ගැඹුරින්
අරුමයකි කවිකම්

නෙලා ගත්දා සිතැඟි හද මල
කඳුළු බිඳු වපුරම්
දුරින් දුටු සඳ වතේ රුව නැත
ළඟයි ඇයි ළතැවුල්
අරුම දහමකි පෙම්

දුරක සිට දුටු ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.