දුර පෙනෙන තැනිතලාdhura penena thaenithalaa

Dura Penena Thanithala

Lyrics

දුර පෙනෙන තැනිතලා - අනුරාධපුර දිහා..
පුන් පෝයදා - වේ ශ්‍රියා සාදු කිය කියා..

ඈත කිරි පාට - පේන සරුසාර
සෑය දිළෙනවා - සෑය දිළෙනවා
නැඟෙන රිදී සීනු හඬින් නුවර එළි කලා..///
නුවර එළි කලා...

දුර පෙනෙන තැනිතලා.../

ජේතවනරාම - අභයගිරි වෙහෙර
සාදු කිය කියා - කරමු වන්දනා..
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ..///
තිසා වැව වටේ

දුර පෙනෙන තැනිතලා.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.