දුර කඳු යාය මටයිdhura kandu yaaya matayi

Dura Kandu Yayata Matai

Lyrics

දුර කඳු යාය මටයි - නිල්ල නිලන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි...//

බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා..../
මලකට සිත් පීඩා නෑ.....
ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා.../
කිසි බඹරෙකු හැඬුවෙ නෑ.....

දුරකඳු යාය මටයි.../

වියළුණු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා.../
කතරට සයුරක් මදි නෑ.....
නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහි කරන තුරා.../
මගෙ හිතටත් නිවනක් නෑ.....

දුර කඳු යාය මටයි...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.