දුර ඈත උවද ගතිනා dhura aetha uwadha gathinaa

Dura Atha Uwada Gathina

Lyrics:
යමුණා මාලනී පෙරේරාyamunaa maalanii pereeraa

Lyrics

දුර ඈත වුවද ගතිනා..	
ලඟ පාත නොවෙද සිතිනා..
ඇලපාත මුදලි මං..
මද හාස නගන් ගජමන් නෝනා
මද හාස නගන් ගජමන් නෝනා..//
	

	

පුන්සඳ ලෙද කළුවර යහනේ..
පුන්සිසිවත කඳුළින් තෙමුනේ..//
තහනම් ද සතුට ලදුනේ..
මේ දුකද සැපයි - නුඹෙ හිතට කැපයි..
මද හාස නගන් ගජමන් නෝනා...
	


රන් රස සේ ගැලපෙන සේමා..
දුන් රස කව් රස විද බෝමා...//
නොබැදෙම් ද පෙමින් කෝමා..
අමනාප කිමැයි - උදහාස කිමැයි..
මද හාස නගන් ගජමන් නෝනා...

දුර ඈත වුවද ගතිනා...




Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.