දුන්නු වේදනා මේ නෙතින් උදුරලාdhunnu weedhanaa mee nethin udhuralaa

Dunnu Wedana Me Nethin Uthurala

Music:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
Lyrics:
ඩිලාන් ගමගේdilaan gamagee

Lyrics

දුන්නු වේදනා... මේ නෙතින් උදුරලා
මතක රැස් වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා
 
කෙටි කාලයකින් හමුවී...
මගෙ ජීවිතයට පැමිණි
ලස්සනම සිහිනෙකි ඔයා...
ලස්සනම සිහිනෙකි ඔයා...

මේ සීත වස්සානේ පාළුව දවන්නේ
තනිකමයි හදවත සරන්නේ...
මේ අන්ධ හිත් මානේ 
මතකය වෙන් වී  
සෝ සංකා හිරිහැර කරන්නේ
 
කෙටි කාලයකින්... /

සඳ නේන රෑ යාමේ
සසලව හිඳින්නේ
කළුවරයි දසතින් හමන්නේ... 
වැටෙන හුස්මක් ගානේ 
ඔබවමයි සිහිවන්නේ 
ඔබ කොහේදෝ හිඳින්නේ 

කෙටි කාලයකින්...... /
දුන්නු වේදනා... /
කෙටි කාලයකින්...... /

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.