දුන්න කඩුව අතට අරන්dhunna kaduwa athata aran

Dunna Kaduwa Athata Aran

Lyrics:
සරත් ගුණරත්නsarath gunarathna

Lyrics

දුන්න කඩුව අතට අරන් 
කන්ද උඩින් ඉගිල්ලිලා 
කල සෙල්ලම් මතක් වෙනවා 
ලන්ද දිගේ දුව පැනල
අපි පොඩිකාලේ

කුන්ද සමන් මල් පිපෙනා 
ඉර හැංගෙන  හැන්දෑවේ 
පුංචි කතාවක් අහලා 
කෝටුවකින් මිදුල පුරා 
ගෝනෙකු ඇන්දේ

දුන්න කඩුව අතට අරන් 

දරු නැළවිලි ගී ගැයුනා 
ඔන්චිලි වාරම් ඇසුනා 
නෙලුම් ගොයම් කවි කිව්වා 
ගමට සිදාදිය ඇවිල්ලා 
ඒ කවි ගී දැන් නැතුවා
ඒ කවි ගී දැන් නැතුවා

දුන්න කඩුව අතට අරන්....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.