දුමාරේdhumaaree

Dumare

Music:
අනුරාධා අබේසිංහanuraadhhaa abeesinha
Lyrics:
අත්තිඩියේ පුඤ්ඤරතන හිමිaththidiyee punnrathana himi

Lyrics

මේ අහසට පොළවෙන් නගින්නේම එක දුමාරයයි
උඹ ලෝකෙට කවුරු වුණත් උඹව මතක සුමානයයි
අපි යකාට බය ද බං සොහොන අපේ විමානයයි
ඔය කොකාට වාරය නම් තිත්තයාට දෙවාරයයි

ගල් කටස් පටස් ගාලා ගිටාර් වෙනවා මේ සින්දුව ළඟ එල්ලී
චීන පටස් දාලා වගේ පුටාර් එකේ අපි හයේ හතරෙ කල්ලි
අපේ කොටස් වෙළඳපොළේ සටස් ගානකොට වැටෙන්නෙ නෑ සල්ලි
අපි හෙටත් මෙහෙමමයි ගටක් තියෙනකොට යටත් වෙයිද මල්ලි

බැස්සෙ මං කිට මරලා
රැස්සෙත් කට ගැස්මට වට කරලා
ලස්සන හද ගැස්මට මුල පුරලා
දොස්තර යයි පිස්සත් මග හැරලා
දිස්නය දුන්නට වත්කරන්
ඇත්ත මතුපිට නෑ බං රත්තරන්
ඔය ප්‍රශ්නය දවසක උඹලගෙ වෙනකන්
උත්තර ෆ්‍රී හිට් ඉස්තරම්

තුං මූලස් සන්ධිවල වලක් බහිනවා පාට පාට වණ්ඩි
උන් කලස් පන්සලට මලක් දන්සැලට බිඳින් නැතුව කන්දී
බොරු අලස් නුහුනු නැති කලස් දානකොට වැටෙන්නෙම කින්ඩි
ඔය පැලස් වල සුමුදු බලස් වල රැඟුවේ ගොඩක් ෆේක් චණ්ඩි

මේ අහසට පොළවෙන් නගින්නේම එක දුමාරයයි....

ගල් කටස් පටස් ගාලා ගිටාර් වෙනවා මේ සින්දුව ළඟ එල්ලී....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.