දුලබයි මිනිසත් බවdhulabayi minisath bawa

Dulabayi Minisath Bawa

Lyrics

දුලබයි මිනිසත් බව දුලබයි
සුළබයි තිරිසන් බව සුලභයි
සුළභයි අසත්දම් සුළභයි
දුලබයි ශ්‍රී සදහම් දුලබයි
දුලබයි බුදු සසුනත් දුලබයි //

ලැබුනත් මිනිසත් බව දුලබ
ඇස්නත් ඔබට සදහම් දුලබ
සිහිනෙන් පවා විදිනම් කම් සැප
කවදා සසරින් මිදෙද්දෝ ඔබ //

දුලබයි මිනිසත්කම .....

ගෙවා ගෙන ආ සසර බොහෝ දුක්බර
මින් මතුත් උපතක් ඇනි නැවත
අවසන් වදන් බුදුහිමිගේ වියැකී නැත
තවමත් ප්‍රමාදද ඔබ මේ ගැන සබද //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.