දුකම මට හිමි වීdhukama mata himi wii

Dukama Mata Himi Wi

Lyrics:
හසිත් දිල්ෂාන්hasith dhilshaan

Lyrics

(දුකම මට හිමි වී ආලේ නිසා මේ
උණුහුමට ගුලි වී පහසේ ඔයාගේ
මා සතුව නේදෝ ඔයා මාගේ කුමාරී
සිටියේ ඔබ පෙරදා........//)
දුකම මට හිමි වී ආලේ නිසා මේ......

මං තාම ඔබගේ ලෝකේ හිත නුඹ ගැනම වද දෙන්නේ
ඔබගෙන් මිදී මේ සසරේ පෙරදා සුසුම් අතරේ 
කොහොම ඉවසන්නද මා
හිත හඬන මුදු රාවේ නැතිදෝ ඇසෙන්නේ
තවම ඔබගේ ළඟමයි මතකේ මගේ........

නීල තරු දෙනුවන් ඔබගේ තාම මගේමයි දැනෙන්නේ
සිහිනයක දැවටී ළංවී ඉන්න ඉඩ දෙන්න සොඳුරී
කොහොම හැර යන්නද මා
මැවූ සිහිනයන් බොඳ වී ගියදා අතීතේ
කඳුලින්ම පිරුණා ලෝකයම මාගේ........

මා සතුව නේදෝ ඔයා මාගේ කුමාරී
සිටියේ ඔබ පෙරදා........
දුකම මට හිමි වී ආලේ නිසා මේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.