දුක වැඩි හින්දලූdhuka waedi hindhaluu

Duka Wadi Hindalu

Music:
අමිල මුතුගලamila muthugala
Lyrics:
ආරධනා ඒකනායකaaradhhanaa eekanaayaka

Lyrics

දුක වැඩි හින්දලු කදුළු නෙතේ
ලග නැති හින්දලු රිදුම් හදේ
යලි එන්න රිදවන්නෙ නෑ ආයෙ කිසිදාක මා ඔයා
මා දමා යන්නෙපා
මගෙ නොවී ඉන්නෙපා
මා දමා යන්නෙපා

කොතරම් කලාද ආදරේ
තරහින් ඇයි තව මා කෙරේ
හිත මාගෙ වැලපෙන්නෙ සිහි කරලා ඒ මතක හැමදා
මා දමා යන්නෙපා
මගෙ නොවී ඉන්නෙපා
මා දමා යන්නෙපා

දින දින ගතවෙන හිත හිත ඔබ ගැන
මුළු රෑ ලතවෙනවා මා
මතකය සිහිවෙන හැම හැම වාරෙම
තනිවම වැලපෙනවා මා
ඔබ ලඟ නැති විට කකියන හදවත
තවමත් විඳවනවා
හැම රෑ සිහිනෙක ඔය රුව මව මව
මගෙ හිත දුක් වෙනවා

මා ලග සිටි ඒ කාලයේ
නෑ මා ඔබෙ හිත රිදවුයේ
මට නේද ඔය දෑත හිමි වෙන්නෙ 
පවසන්නකෝ ඔයා
මා දමා යන්නෙපා
මගෙ නොවී ඉන්නෙපා
මා දමා යන්නෙපා

කොතරම් කලාද ආදරේ....

මගෙ නොවී ඉන්නෙපා
මා දමා යන්නෙපා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.