දුක තියාම ඔබ අද දුරස් වෙලාdhuka thiyaama oba adha dhuras welaa

Duka Thiyama Oya Ada Duras Wela

Music:
තිලිණ රුහුණගේthilina ruhunagee
Lyrics:
අසංග කරුණාරත්නasanga karunaarathna

Lyrics

දුක තියාම ඔබ අද දුරස් වෙලා //
හඬවා මා හැ අද තරහා වෙලා
නිදි නැති රෑ පුරා ඔබ මතක් වුණා
තනිකඩ හිත පාරවා ඔබ දුරස් වෙලා

දුර නොපෙනන ආදරේ ළඟ අපි තුරුළු වෙලා
ළංවුණ හැටි හීනයක් සේ මතකද මා හා
තනිකරලා යන්න ගියදා මට දුක තියලා
මතක මතකයේ තියා ඔබ දුරකට ඇදුනා

දුක තියාම ඔබ අද දුරස් වෙලා //
හඬවා මා හැ අද තරහා වෙලා
නිදි නැති රෑ පුරා ඔබ මතක් වුණා

එක සැරයක් ආදරෙන් ඔබ ඇවිත් යනවද
මේ අන්තිම ආදරේ දුක නතර කරන්න
හැමදාමත් වේදනා බෑ මටම විඳින්න
මතක මතකයේ තියා ඔබ දුරකට යන්න

දුක තියාම ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.